මැදි වයසේ සහ වයස්ගත අය ඉන්ටනෙට් බාවිත කරනවානම් ඒ අයගේ තීන්දු තීරණ ගැනීමේ හැකියාව වඩාත් ඉහල යන බව ඇමරිකානු පරීක්ෂකයෝ පිරිසක් කියති. ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගැරී ස්මෝල් ඇතුළු පිරිස පෙන්වා දී තිබෙන්නේ වෙබ් අඩවි වලට යමින් තමන්ට ඕන කරන දේ සොයාගන්නා මැදි වයසේ හා වයස්ගත අයගේ මොලයේ තීන්දු තීරණ ගැනීම හා සම්බන්ද කොටස් අන් අයට වැඩ හොදින් උත්තේජනය වන බවයි. 
           පරික්ෂකින් මේ සදහා තොර ගන්න ලද්දේ අවුරුදු 55ත් 75ත් අතර පිරිසකි. ඔවුන්ට දෙයාකාරයක වැඩ ලබා දී මොලය ස්කෑන් කළේය. මුලින් කාටත් පොත් කියවන්නට දී පසුව මොලය පරික්ෂ කළේය. එවිට ඔවුන්ගේ මොලයේ භාෂාවට, කියවීමට, මතකයට, දෘෂ්ටියට අදාල මොලයේ කොටස් වැඩි උත්තේජයනක් පෙන්විය. පසුව වෙබ් අඩවි ඔත්සේ තොරතුරු සොයන්නට දුන්නේය. ඊට පසුවද පෙර පරිදිම මොලය ස්කෑන් කල විට බලාපොරොත්තු නොවූ දෙයක් පෙනින. එනම් එවිට වැඩි උත්තජනයක් පෙන්වුයේ තීන්දු තීරණ ගැනීම හා සංකීර්ණ වැඩ කිරීමට අදාල මොලයේ කොටසේය.
           
විද්‍යා පරීක්ෂණයක් කරන සියලු තත්ත්ව යටතේ කරන ලද මෙම පරික්ෂයයේ ප්‍රතිපල ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යා සගරාවක් වන Geriatric psychiatry සගරාවේ පලවී තිබිණි. අප දන්නා පරිදි වයස් ගත වන විට මොලයේ සෛල අතර සම්බන්ධතා හොදින් සිදු නොවේ. මේ නිසා වයස් ගත අයට සියුම්ව කල්පනා කර   සංකීර්න වැඩ කිරීමේ හැකියාව වදුවී යයි. ඒ තත්වය මගහරවා ගැනීමට නොයෙක් අභ්‍යාස වයස්ගත අයට නිර්දේශ කරයි. ප්‍රෙහෙලිකා පිරවීම, දාම් චෙස් වැනි සෙල්ලම් කිරිම ඉන් කිහිපයකි.දැන්  ඒ අතරට එක් වී තිබෙන්නේ ඉන්ටනෙට් බාවිතා කිරීමයි...
          ඉන්ටනෙට් බාවිතයෙන් තොරතුරු සොයන විට හොද සිහියකින් සිටිය යුතු වගේම එහෙදි නිතරම කල්පනා කරමින් මොන අඩවියට යා යුතුද යනවග සිතයි. එනම් නිතරම මොලය තීන්දු තීරණ ගනිමින් සිටි. "එදිනෙද කරන සරල කටයුත්තක් වුවත් ඉන්ටනෙට් යොදා ගනිමින් කරන්නේනම් මොලයේ තීක්ෂණ බුද්ධියට අදාල  ප්‍රදේශය උත්තේජනය වෙනවා.ඒ නිසා වයසට යන විට මොලයේ තියුණු බව අඩු වීමේ පාඩුව ගොඩක් දුරට අඩු වෙනවා " යැයි මෙම පරීක්ෂණය මෙහෙය වූ මහාචාර්ය ගෙරි ස්මෝල් BBC පුවත් සේවයට කියා තිබිණි...  

0 comments:

Post a Comment

Popular Posts